Tuesday, July 14, 2020

වැදි භාෂාවේ භාවිතා වන වචන

සතුන්ගේ නම්
  1. මූකරයා - වදුරා
  2. කරියා - වලහා
  3. කරියා - වලහා
  4. ජිය මච්චි - මාළුවා
  5. පිලපොත්තා - කබල්ලෑවා
  6. ගොන් මඤ්ඤා - එළහරකා
  7. මී මඤ්ඤා - මී හරකා
  8. පොල්ලැච්චා - කොටියා
  9. මීයලැත්තො - මීයා

Friday, July 10, 2020

ශිෂ්‍යත්වයට ධීවර භාෂාව


  1. කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනක යෙදෙන පුද්ගලයා
  2. අම්බාවෝ - දැල අදින පිරිස 
  3. අවල - ඔරුවේ පසුපස හබල් දෙක
  4. ඇණිය - ඔරවේ පසුපස කොටස
  5. ඉයත්තව - කාලගණය
  6. ඔරු පල්ල - ඔරු පතුලේ හරස් ආකාරයට දමා ඇති ලී කඳ
  7. කටු ගල - නැංගුරමේ ගල
  8. කෙවුලා - මසුන් මරන්නා
  9. කෝසු කිරීම - දැල ඇකිලීම 
  10. ගොයියා - රුවල
  11. ජාලය - දැල 

Friday, July 3, 2020

ශිෂ්‍යත්වයට රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය


  • 110 -    හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව
  • 114 -    යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
  • 116 -    ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
  • 118 -    ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
  • 119 -    පොලිස් හදිසි ඇමතුම් සේවාව
  • 1900 -  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි)
  • 1901 -   විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
  • 1905 -   රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය (පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම)
  • 1909 -   විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව (ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම)